ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ.ශ්‍රී ලංකාවට නියම වූ දින මෙන්න.

Cricket Sri Lanka Cricket ICC World Cup 2023
By Wayomi May 27, 2023 05:41 PM GMT
Wayomi

Wayomi

Report

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ලබන මස 18 වැනිදා තරගාවලිය ආරම්භ වීමට පෙර සියලු‍ කණ්ඩායම් පුහුණු තරග දෙකකට සහභාගී විය යුතුයි.

කණ්ඩායම් 10ක් සුදුසුකම් ලබා ගැනීමේ ස්ථාන දෙකක් සඳහා මෙම තරගාවලියේ දී තරග වැදීමට නියමිත අතර සුපිරි 6 දෙනාගේ වටයේ පළමු ස්ථාන 2 දිනා ගන්නා කණ්ඩායම් මේ වසරේ එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබනවා.

මෙවර ලෝක කුසලාන තරඟාවලිය සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිතයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


GalleryGallery
ReeCha