බිඳ වැටී ගිය ශ්‍රී ලංකා බලාපොරොත්තුව..

Sri Lanka
By krishani Aug 27, 2023 06:36 PM GMT
krishani

krishani

Report

ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ මීටර 400 හතර පිරිමි සහාය දිවීමේ අවසන් තරගය  (26) වන දින හන්ගේරියාවේ දී පැවැත්විණ.

ඒ පිළිබඳව ශ්‍රී ලංකාව තැබූ බලාපොරොත්තුව ද බිඳ වැටී ගියේ ය.

ඒ එම ඉසව්වේ දෙවන මූලික වටයේ තරගයේ දී අවසන් සහ 8වැනි ස්ථානයට පත් වීමත් සමගයි.

එම ඉසව්වේ මූලික වටයේ දෙවන තරගයට ජැමෙයිකාව, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ජර්මනිය, කෙන්යාව සහ ශ්‍රී ලංකාව සහභාගි විය.

එම ඉසව්වේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, රජිත නෙරන්ජන්, පබසර නිකූ සහ කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයින් තරඟ වැදුණේ ය.

එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනු ජැමෙයිකාව, දෙවන ස්ථානය දිනූ ප්‍රංශය, තුන්වන ස්ථානය දිනූ ඉතාලිය සහ සිව්වන ස්ථානය දිනූ නෙදර්ලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

කෙසේ වෙතත්, කාලිංග කුමාරගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට මෙම ඉසවවේ හිමි වූයේ 8 වන ස්ථානයයි.

ReeCha