ඩොලරයට සාපේක්ෂව රුපියලට අද සිදු වුණු දේ මෙන්න

Report

බදාදා දිනයට සාපේක්ෂව අද (ජූලි 17) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

සෙලාන් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 297.50 සිට රු. 297.75 දක්වා සහ රු. 304 සිට රු. 304.25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 298.15 සිට රු. 298.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 304.65 සිට රු. 304.75 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආයෙත් සුදු වෑන් සෙල්ලම පටන් අරන් - පාසල් සිසුවෙක් පැහැරගෙන

ආයෙත් සුදු වෑන් සෙල්ලම පටන් අරන් - පාසල් සිසුවෙක් පැහැරගෙන

මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 297.78 සිට රු. 298.03 දක්වා සහ විකුණුම් අනුපාතිකය රු. 305.05 සිට රු. 305.30 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කොමර්ෂල් බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 295.80 සිට රුපියල් 296.05 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 304.25 සිට රුපියල් 304.50 දක්වා ඉහළ ගොස් ඇත.

සම්පත් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 297.75 සිට රුපියල් 298.25 දක්වා සහ විකුණුම් අනුපාතය රුපියල් 304.25 සිට රුපියල් 304.75 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

 

ඇඟ කසනවද? වහාම ප්‍රතිකාර ගන්න තවත් බරපතළ සෞඛ්‍ය අවදානමක්

ඇඟ කසනවද? වහාම ප්‍රතිකාර ගන්න තවත් බරපතළ සෞඛ්‍ය අවදානමක්