බූස්ස බන්ධනාගාරයෙන් STF අයින් කරන්න - පාතාල නායක මිදිගම රුවන්ගෙන් පෙත්සමක්

Report

ප්‍රබල පාතාල නායකයකු ලෙස සැලකෙන මිදිගම රුවන් නම් රුවන් කුමාර විසින්, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) ඉවත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දිය යුතුද නැද්ද යන්න සම්බන්ධ තීරණය 2025 සැප්තැම්බර් 01 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ. අදාළ පෙත්සම අද (ජූලි 17) විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ විභාගයට ගනු ලැබීය.

ආයෙත් සුදු වෑන් සෙල්ලම පටන් අරන් - පාසල් සිසුවෙක් පැහැරගෙන

ආයෙත් සුදු වෑන් සෙල්ලම පටන් අරන් - පාසල් සිසුවෙක් පැහැරගෙන

පෙත්සම්කරුගේ නීතිඥවරයා පැවසූයේ, බන්ධනාගාරය අධි ආරක්ෂිතයෙකු ලෙස ප්‍රකාශයට පත් කිරීම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නීතිමය බලයක් නොමැතිව සිදු වූ එකක් බවයි.

මාලිමා ආණ්ඩුවට හෙන ගහනවා - හරිනි එක්ක ප්‍රසිද්ධ විවාදයකට මම ලෑස්තියි - නිර්මාල් දේවසිරි

මාලිමා ආණ්ඩුවට හෙන ගහනවා - හරිනි එක්ක ප්‍රසිද්ධ විවාදයකට මම ලෑස්තියි - නිර්මාල් දේවසිරි

ඒ අනුව STF යොදවීම නීතියට පටහැනි බවද ඔහු පැවසීය. එහෙත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා දීර්ඝව පැහැදිලි කළේ, STF පොලිස් දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් වන අතර, බන්ධනාගාර පනතේ 77(5) වගන්තියට අනුව ඔවුන්ගේ සහය ලබා ගැනීම නීත්‍යනුකූල බවය.

මෙම පෙත්සම්කරු භාරයේ තිබූ දුරකථනයක් STF විසින් වැනි වැටලීමකදී සොයාගෙන ඇති අතර, බන්ධනාගාර තුළ සිට තහනම් ද්‍රව්‍ය භාවිතයෙන් අපරාධ මෙහෙයවීම් සිදු වීම වළක්වීම සඳහා STF යොදවා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

අවසානයේදී අභියාචනාධිකරණය දෙපාර්ශවයේ නීතිඥවරුන්ට, අදාළ ලිඛිත දේශන අගෝස්තු 25ට පෙර ගොනු කරන ලෙස නියම කළ අතර, පෙත්සම විභාගයට ගැනීමට අවසර දිය යුතුද නැද්ද යන්න සහ අතුරු සහන පිළිබඳ අවසන් නියෝගය 2025 සැප්තැම්බර් 01 දින ප්‍රකාශයට පත්කරන බවද විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.