හරි ෂෝක් - SLIIT එක හොරා කාලා ඇමරිකාවේ කැනඩාවේ ගෙවල් අරන්

Report

මහපොළ අරමුදලට අයිති මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය කිසිදු නීතිමය බලය නැතිව වෙනත් පාර්ශ්වයක් වෙත පවරා ගැනීම වැරදි බවත්, එයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.

ආයෙත් සුදු වෑන් සෙල්ලම පටන් අරන් - පාසල් සිසුවෙක් පැහැරගෙන

ආයෙත් සුදු වෑන් සෙල්ලම පටන් අරන් - පාසල් සිසුවෙක් පැහැරගෙන

2015දී රනිල්–මෛත්‍රී ආණ්ඩුවේ කැබිනට් තීරණයකින් ආයතනය මහපොළෙන් වෙන් කර ගැනීම වංචාක් ලෙස හැඳින්වෙයි. මෙම වංචාවෙන් පසුව කැනඩාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල නිවෙස් මිලදී ගැනීමේ තොරතුරුත් ඇත. 

මහපොළ අරමුදලින් රුපියල් මිලියන 550ක් යොදාගනිමින් මෙම ආයතනය ඉදිකර ඇති අතර එය වෘත්තීය අධ්‍යාපන අවස්ථා උදෙසා යොදාගන්නා ලද්දකි. නමුත් 2015දී පනස්වෙනි දින ගිවිසුමක් මඟින් ආයතනය බැහැර කිරීම නීතිවිරෝධී ලෙස සිදුවී ඇතැයි උපාලි අබේරත්න කොමිසම සඳහන් කරයි.

වැඩේ හරි ලංකාවට බදු අඩු කරන්න ට්‍රම්ප් එකග වෙලා

වැඩේ හරි ලංකාවට බදු අඩු කරන්න ට්‍රම්ප් එකග වෙලා

එම වාර්තාවේ අනුව ගාමිණී ජයවික්‍රම පෙරේරා, වික්‍රම වීරසූරිය, අනිල් රාජපක්ෂ, ලලිත් ගමගේ යන පුද්ගලයන්ට නීතිමය වගකීමක් පවතින අතර, මේ ගැන නීතිපතිවරයා හෝ අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට යෝජනා කර ඇත.

මූලික ඉල්ලීමන්: ආයතනය නැවත මහපොළට පවරා ගැනීම වංචා සම්බන්ධ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම තොරතුරු තාක්ෂණ ආයතනය පරම්පරාවෙන් පරම්පරාවට ළමුන්ට වෘත්තීය අධ්‍යාපන අවස්ථා ලබාදීම