උත්සව සමයේ කුකුළු මස් මිල ගැන විශේෂ අනාවරණයක් – බිත්තර මිලත් ගැන ඉඟියක්

By Kanchana Nov 28, 2026 04:41 AM GMT
Report

එළඹෙන උත්සව සමයේදී කුකුළු මස් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් අපේක්ෂා නොකරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සදහන් කර තිබේ මේ වන විට වෙළඳපොළ තුළ කුකුළු මස් අතිරික්තයක් පැවතීම හේතුවෙන් මිල ගණන් පහළ ගොස් ඇති බව එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරයි.

රටේ පවතින කුකුළු මස් ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නිෂ්පාදනයක් පවතින අතර, වෙළඳපොළට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් සැපයීමේ හැකියාව ද පවතින බව ඔහු පෙන්වා  දී තිබේ.

දෙසැම්බර් මාසයේදී උත්සව සමයත් සමඟ කුකුළු මස් සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, එම ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ශීත කළ කුකුළු මස් තොග පවතින බැවින් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි සභාපතිවරයා විශ්වාසය පළ කර ඇත .

මේ අතර බිත්තර සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ නිෂ්පාදනය පහත වැටීම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බව වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි .

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බඩඉරිඟු හිඟවීම හේතුවෙන් ඒ වෙනුවට සහල් භාවිත කිරීමට සිදුව ඇති බවත්, එම වෙනස්කම බිත්තර නිෂ්පාදනය යම් ප්‍රමාණයකින් අඩුවීමට හේතු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

ඊට අමතරවසභාපතිවරයා පෙන්වා දුන්නේ කුකුළු ගොවිපළ ආශ්‍රිතව වෛරස් රෝග කිහිපයක් පැතිර යාම ද බිත්තර නිෂ්පාදනය පහත වැටීමට බලපා ඇති බවයි

මේ වන විට වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 39ත් 40ත් අතර මිලකට අලෙවි වන බව ද ඔහු අනාවරණය කළේය.

ඉදිරියේදී බිත්තර මිල තීරණය වන්නේ වෙළඳපොළේ ඉල්ලුම සහ සැපයුම මත බවත්, කෙටි කාලයක් තුළ බිත්තර නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීම අසීරු බවත් අජිත් ගුණසේකර මහතා තව දුරටත් සදහන් කර තිබේ

එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක් 

'' උත්සව සමයේ මම හිතන්නේ කුකුල් මස් මිල විශාල වශයෙන් වැඩිවීමක් වෙන්නේ නෑ. රටේ ඉල්ලුමට අවශ්‍ය ප්‍රමාණය කුකුල් මස් තියෙනවා. නමුත් දෙසැම්බර් මාසයේ වැඩි ඉල්ලුමක් එනවා. මම හිතන්නේ ඒ වෙනකොටත් අපේ ශීත කළ කුකුල් මස් තියෙනවා. ඒ නිසා මිල විශාල වශයෙන් වැඩිවීමක් වෙන්නේ නෑ... බිත්තරවල විශාල ඉල්ලුමක් ආවා. බිත්තර නිෂ්පාදනය අඩාල වුණා. මොකද බඩ ඉරිඟු හිඟවීම නිසා ඒ වෙනුවට හාල් දැම්මේ. හාල් දැම්මම පොඩ්ඩක් නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි වෛරස් රෝග වගයක් හැදිලා තියෙනවා. ඒකෙනුත් නිෂ්පාදනය අඩු වුණා. සාමාන්‍යයෙන් නොවැම්බර් මාසේ අව්ව නැති කාලයක්, වැහි කාලයක් නිසා එතනත් බිත්තර අඩු වුණා. දැනටත් රුපියල් තිස් නවය, හතළිහට දෙනවා බිත්තරයක්. වෙළඳපොලේ ඉල්ලුම අනුව තමයි මිල තීරණය වෙන්නේ. කොහොමත් ඉදිරියේදී නිෂ්පාදනය වැඩි කරගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදනය වැඩි කරන්න ටිකක් අමාරුයි. ඉතින් අපි ඉල්ලුවා රජයට මින් ඉදිරියටත් සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දෙන්න කියන එක. ඉතින් වෙළඳ ඇමතිතුමා සාකච්ඡා කරලා විසඳුමක් දේවි. බිත්තර කර්මාන්තය ගැන නම් අපිට තාමත් හරියට කියන්න බෑ, මොකද ඉල්ලුම හා සැපයුම තමයි මිල තීරණය වෙන්නේ...''   

පාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

පාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026