CM06 කොල්ලුපිටිය වටරවුම් බස් සේවාව තාවකාලිකව අත්හිටුවයි- මගීන්ට ගමන් සැලසුම් වෙනස් කරගන්නැයි දැනුම්දීමක්

Report

දෙසැම්බර් 1 වැනිදා සිට CM06 කොල්ලුපිටිය වෘත්තාකාර (Circular) බස් සේවාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) ආයතනය නිවේදනය කරයි.

මෙම තීරණය හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ආයතනය සිය කණගාටුව පළ කරන අතර, ඒ සම්බන්ධයෙන් මගීන් දක්වන අවබෝධය සහ සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කර සිටියි.

කෙසේ වෙතත්, මෙම සේවාව තාවකාලිකව අත්හිටුවීමට හේතුව හෝ යළි සේවාව ආරම්භ කරන දිනය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැත.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026

Gallery