ලෝක බැංකුවේ නවතම වාර්තාවෙන් ලංකාවට කියපු නරකම ආරංචිය මෙන්න - තවදුරටත් පහත වැටුණොත් විනාසයි

Report

ලෝක බැංකුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ ළමුන් මන්දපෝෂණයට සහ මිටිභාවයට ගොදුරුවීමේ ප්‍රතිශතය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමෙන් පෙන්නුම් කරන්නේ පැවැති ආර්ථික අර්බුදයේ දීර්ඝකාලීන බලපෑම බවයි.

මේ බව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද 'From Recovery to Transformation' නැමැති ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීමේ (Sri Lanka Development Update) නවතම වාර්තාව මඟින් පෙන්වා දෙයි.

එසේම අඳාළ වාර්තාවට අනුව 2023 වසරේදී 20.7%ක් වශයෙන් ඉහළ අගයක පැවැති දිළිඳුකම, 2025 වසර වන විට 16.9% දක්වා අඩුවනු ඇති බවට ඇස්තමේන්තු කර තිබුණ ද, එය තවමත් 2019 වසරේ පැවැති 11.5%ක අගයට වඩා ඉහළ මට්ටමක පවතින බව සඳහන්.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

එසේම මෙරට සේවකයන්ගේ තාත්වික වේතන (Real Wages) තවමත් 2019 වසරට පෙර පැවැති මට්ටමට වඩා 12%කින් පහළ බැස ඇති බව අඳාළ වාර්තාවේ දැක්වේ.

එබැවින් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ ආර්ථිකයේ ක්ෂණික පිබිදීම මන්දගාමී වීම සහ ප්‍රවාහන හා නිෂ්පාදන ක්ෂේත්‍රවල දුර්වලතා නිසා ඉදිරියේදී මෙරට ආර්ථික වර්ධනය 4.2% දක්වා පහත වැටෙනු ඇති බවටයි.

තවද 2026 වසර වන විට ශ්‍රී ලාංකිකයන්ගෙන් 40%ක් දිළිඳු හෝ දිළිඳු රේඛාවට ආසන්නව ජීවත් වන බැවින්, යම් ලෙසකින් ජනතාවගේ තාත්වික ආදායම තවදුරටත් පහත වැටුණහොත් විශාල පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවලට ලක්වීමේ අවදානමක් පවතින බව ලෝක බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි