බ්‍රසීලයේ හිටපු ජනාධිපති දැඩි සත්කාර ඒකකයට

Report

බඩවැල්වල ඇති වූ හදිසි අවහිරතාවක් හේතුවෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුළත් කර තිබේ.

71 හැවිරිදි බොල්සොනාරෝ උදරයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් පසුගිය සිකුරාදා රෝහල්ගත කර ඇති අතර, ඔහුට ප්‍රතිකාර ලබාදෙන බ්‍රසීලයේ DF Star රෝහල ඊයේ (21) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔහුට දියර සහ පෝෂණ සහාය ලබාදීම ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම නාසය හරහා ඇතුළු කළ නලයක් මගින් ආමාශයේ රැඳී තිබූ ආහාර අවශේෂ ඉවත් කිරීමට ද වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බවත්, ඔහු සිහියෙන් පසුවන බවත් රෝහල් බලධාරීන් සඳහන් කර ඇත.

එහෙත් රෝහලෙන් පිටව යා හැකි දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. මේ අතර, සිය පියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහුගේ පුත්‍රයා වන සෙනෙට් සභික ධුරයට තේරී පත් වූ කාලෝස් බොල්සොනාරෝ පවසා ඇත්තේ පියාගේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම පියාට තවත් ශල්‍යකර්මයක් සිදුකිරීමට සිදුවිය හැකි බවට ද ඔහු ඉඟි පළ කර තිබේ. එය වසර අටකටත් අඩු කාලයක් තුළ ජෙයාර් බොල්සොනාරෝට සිදුකෙරෙන 10 වැනි ශල්‍යකර්මය විය හැකි බව ද කාලෝස් බොල්සොනාරෝ වැඩිදුරටත් සඳහන් කර ඇත.

රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

රුපියල් ලක්ෂ 5 ඉක්මවන ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්දැඩි අනතුරු ඇඟවීමක්

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි