ඉලෙක්ට්‍රික් වාහනවල බැටරි ඉවත දැමීම ගැන ලොකු අවදානමක් - විද්‍යුත් වාහන මිල අඩු කරන්න අලුත් යෝජනාවක්
ශ්‍රී ලංකාවේ වාහන ආනයන බදු ප්‍රතිපත්ති සරල කිරීම, විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක්ව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් ද සහභාගී වී තිබේ.
මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇත්තේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට ආනයනය කර ඇති වාහන ප්‍රමාණය, ඒවායේ වටිනාකම සහ අදාළ බදු ගණනය කිරීමේ ක්‍රමවේද පිළිබඳවය.
වාහන ආනයනයේදී එන්ජින් ධාරිතාව, CIF අගය සහ නිෂ්පාදන බදු ඇතුළු විවිධ සාධක මත බදු ගණනය කිරීම සංකීර්ණ වීම මෙන්ම රේගු තක්සේරු කිරීම් සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
නව කැලණි පාලම භාවිත කරන අය මේ ගැන දැනුවත්ද? - අද සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා මාර්ග කිහිපයක් වැසෙයි
භාණ්ඩ නිදහස් කිරීමේ ප්‍රමාදයන් ගැනත් අවධානය
මේ අතර, ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී රේගුවට අමතරව රාජ්‍ය ආයතන කිහිපයකින් අනුමැතිය ලබාගැනීමට සිදුවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුව ඇත.
විශේෂයෙන්ම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ ඩිජිටල් ක්‍රමවේදයක් නොමැතිවීම නිසා අනුමැතීන් ලබාගැනීමේදී සම්බන්ධීකරණ ගැටලු මතුවන බව මෙහිදී පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් වරායන්හි බහාලුම් වැඩි කාලයක් රඳවා තැබීමට සිදුවන අතර, ඒ හරහා ආනයනකරුවන්ට අමතර ප්‍රමාද ගාස්තු සහ ගබඩා ගාස්තු දැරීමට සිදුවන බව ද නිලධාරීන් සඳහන් කර ඇත.
එබැවින් රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ආනයනික භාණ්ඩ නිදහස් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය වී තිබේ.

විද්‍යුත් වාහන බදු ප්‍රතිපත්ති ගැනත් සාකච්ඡා
විද්‍යුත් වාහන ආනයනය සහ භාවිතය සම්බන්ධයෙන් පවතින නියාමන හා පාරිසරික ගැටලු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.
විශේෂයෙන්ම භාවිතයෙන් ඉවත් කරන විද්‍යුත් වාහන බැටරි බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා මෙරට තුළ විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව සාකච්ඡා වී තිබේ.
ඒ අනුව, විද්‍යුත් වාහන ආනයනය කරන අවස්ථාවේදීම බැටරිවල ආයු කාලය අවසන් වූ පසු ඒවා ආරක්ෂිතව බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ආනයනකරුවන්ගෙන් හෝ නිෂ්පාදකයන්ගෙන් වගකීමක් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව නිලධාරීන් පෙන්වා දී ඇත.
එමෙන්ම විද්‍යුත් වාහන සහ බැටරි සඳහා අවශ්‍ය ගුණාත්මක ප්රමිතීන් හඳුන්වාදීම මෙන්ම රේගු බදු ගණනය කිරීමේදී භාවිත වන HS කේත නිසි පරිදි යාවත්කාලීන කිරීමේ වැදගත්කම ද සාකච්ඡා වී තිබේ.

විද්‍යුත් වාහන භාවිතය සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා පවතින බදු ප්‍රතිපත්ති සරල කර, දැරිය හැකි මිලකට එම වාහන මිලදී ගැනීමට හැකි වන පරිදි ප්‍රතිපත්තිමය දිරිගැන්වීම් ලබාදීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇත.
මීට අමතරව, විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේදී ජාතික විදුලිබල පද්ධතියට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා සූර්ය බලශක්තිය සහ විදුලි බල ගබඩා කිරීමේ බැටරි පද්ධති භාවිතය දිරිගැන්වීම පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.
ඒ අනුව, විද්‍යුත් වාහන ආනයනය සඳහා සුදුසු බදු සහන හඳුන්වාදීම, රේගු වර්ගීකරණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව යාවත්කාලීන කිරීම සහ භාවිතයෙන් ඉවත් කරන බැටරි පරිසර හිතකාමීව කළමනාකරණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.