කිලිනොච්චි වැවේ මසුන් විශාල ප්‍රමාණයක් මියයාම ගැන පුළුල් පරීක්ෂණයක්

Report

කිලිනොච්චි වැවේ මසුන් විශාල ප්‍රමාණයක් මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ක්ෂණිකව මැදිහත් වූ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ඊට හේතු සොයා බැලීම සඳහා පුළුල් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගත් අමාත්‍යවරයා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් කරුණු විමසා සිදුවීමේ සැබෑ තත්ත්වය අනාවරණය කරගත් පැහැදිලි වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එළවළු මිල ඉහළට - වාර්තාවෙන නව අගයන් මෙන්න

එළවළු මිල ඉහළට - වාර්තාවෙන නව අගයන් මෙන්න

කිලිනොච්චි වැවේ පහළ කොටසේ සිදුව ඇති මෙම මත්ස්‍ය මරණ හේතුවෙන් විශාල ප්‍රමාණයේ මසුන්, මිරිදිය ඉස්සන් සහ මත්ස්‍ය පැටවුන් ඇතුළු ජලජ ජීවීන් විශාල සංඛ්‍යාවක් මියගොස් ජලය මතුපිට පාවෙමින් තිබී ඇති අතර, වැවේ ජලය මුදාහැරීමේ ක්‍රමවේදය සහ වාරිමාර්ග කටයුතු සිදු කිරීමේදී ඇති වූ ගැටලු මෙයට බලපෑවේ ද යන්න පිළිබඳව මේ වන විට සැක මතුව තිබේ.

මෙම සිදුවීමෙන් කිලිනොච්චි ප්‍රදේශයේ මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත පවුල්වල ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, වගා කළ මසුන් මෙන්ම දැල් ඇතුළු ධීවර උපකරණ ද අහිමි වීමෙන් ඔවුහු දැඩි ආර්ථික දුෂ්කරතාවකට මුහුණ දී සිටිති.

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

ඒ අනුව පීඩාවට පත් ධීවරයන්ට සිදුව ඇති අලාභහානි, ඔවුන්ගේ ජීවනෝපායට එල්ල වී ඇති බලපෑම සහ මත්ස්‍ය මරණවලට බලපෑ සැබෑ හේතු පිළිබඳව අදාළ නිලධාරීන් මාර්ගයෙන් පුළුල් තොරතුරු රැස් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා ඇත.

එමෙන්ම වැවේ ජලයේ ගුණාත්මකභාවයට සහ පරිසර පද්ධතියට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කර, පීඩාවට පත් ධීවර ජනතාවට සාධාරණ විසඳුමක් ලබාදීමට කඩිනම් පියවර ගත යුතු බව ද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.