එළවළු මිල ඉහළට - වාර්තාවෙන නව අගයන් මෙන්න

Report

වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවළුවල මිල විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් එළවළු වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයන් ද දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

පසුගිය දිනවල දිවයින පුරා පැවැති වර්ෂාවත් සමඟ එළවළු වගාවන්ට හානි සිදුවීම නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ගොවීන් අසමත් වීම මෙම මිල ඉහළ යෑමට හේතු වී තිබේ.

වෙළෙඳුන් පවසන පරිදි මේ වන විට වෙළෙඳපොළේ දෙහි කිලෝග්‍රෑමයක් රුපියල් 2,000ක් වැනි ඉහළ මිලකට අලෙවි වන අතර මාළුමිරිස් කිලෝවක් රුපියල් 950ත් 1,000ත් අතර මිලකට අලෙවි කෙරේ.

වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පහක් ඉටු නොකළොත් ඉදිරියේදී සිදුවන දේ GMOA කියයි - ජනපතිටත් අනතුරු ඇඟවීමක්

වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පහක් ඉටු නොකළොත් ඉදිරියේදී සිදුවන දේ GMOA කියයි - ජනපතිටත් අනතුරු ඇඟවීමක්

එමෙන්ම අමුමිරිස්, තක්කාලි, කරවිල සහ රතුලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 800 බැගින් අලෙවි වන බව සඳහන් වේ. ඊට අමතරව කැරට් කිලෝවක් රුපියල් 600-700 අතර මිලකටත්, ගෝවා රුපියල් 600-650 අතර මිලකටත්, පතෝල රුපියල් 600කටත් අලෙවි වේ.

තවද වම්බටු කිලෝවක් රුපියල් 500කටත්, බෝංචි සහ නුවරඑළිය අල කිලෝවක් රුපියල් 450 බැගිනුත්, වට්ටක්කා සහ අලුකෙසෙල් කිලෝවක් රුපියල් 400 බැගිනුත් සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන බව වාර්තා වේ.

නව කැලණි පාලම භාවිත කරන අය මේ ගැන දැනුවත්ද? - අද සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා මාර්ග කිහිපයක් වැසෙයි

නව කැලණි පාලම භාවිත කරන අය මේ ගැන දැනුවත්ද? - අද සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා මාර්ග කිහිපයක් වැසෙයි

මෙලෙස එළවළු මිල ඉහළ යෑම හමුවේ පාරිභෝගිකයන් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බවත්, ඒ හේතුවෙන් තම ව්‍යාපාර කටයුතු දැඩි ලෙස අඩාල වී ඇති බවත් හැටන් ප්‍රදේශයේ වෙළෙඳුන් පෙන්වා දෙයි.