ඉඟුරු වගාකරුවන්ට අසුබ ආරංචියක් - වගා රැසකට වෙන දේ මෙන්න

Report

හඳුනා නොගත් රෝගයකින් උතුරු මැද ඉඟුරු වගා බිම් රැසක් විනාශ වෙයි උතුරු මැද පළාතේ ප්‍රධාන ඉඟුරු නිෂ්පාදන කලාපයක් වන පලාගල, මානේරුව සහ මානකැටේ ප්‍රදේශවල ඉඟුරු වගාවන්ට හඳුනා නොගත් රෝගයක් පැතිර යාම හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වෙමින් පවතින බව ගොවීහු පවසති.

සාමාන්‍යයෙන් ඉඟුරු අස්වනු නෙළීමට වසරක පමණ කාලයක් ගත වන අතර, මීට මාස හයකට පමණ පෙර වගා කළ ඉඟුරු වගාවන් අස්වනු නෙළීමට තවත් මාස කිහිපයක් ඉතිරිව තිබියදී මෙලෙස රෝගයට ගොදුරු වී තිබේ.

රෝගය වැලඳුණු ශාකවල පත්‍ර වියළී යාමත්, ඉඟුරු අල සහ ශාකය කුණු වී විනාශ වීමත් දක්නට ලැබෙන බව ගොවීහු සඳහන් කරති.

එළවළු මිල ඉහළට - වාර්තාවෙන නව අගයන් මෙන්න

එළවළු මිල ඉහළට - වාර්තාවෙන නව අගයන් මෙන්න

රෝගය පාලනය කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය සහ ප්‍රතිකාර යෙදුව ද මෙතෙක් සාර්ථක ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ඔවුහු පෙන්වා දෙති. විශාල මුදලක් වැය කර මාස හයක කාලයක් රැකබලාගත් වගාවන් මෙලෙස විනාශ වීම හේතුවෙන් වැය කළ මුදල හෝ නැවත උපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, ඒ හරහා තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත් ගොවීහු පවසති.

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

ඒ අනුව, මෙම රෝගය කඩිනමින් හඳුනාගෙන එය පාලනය කිරීමට අවශ්‍ය විද්‍යාත්මක විසඳුම් ලබා දෙන ලෙසත්, වගා හානි හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවීන්ට සුදුසු සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.