කාන්තා තුන්කොන් ක්‍රිකට් තරඟාවලියට දින නියම කෙරේ

Cricket Sri Lanka Cricket Sports Sinhala news
By Dilasha Mar 26, 2025 01:50 AM GMT
Dilasha

Dilasha

Report

එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ තරඟ පවත්වන දින තුනක් සංශෝධනය වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිනය මැයි මස 06 වනදාට යෙදී ඇති බැවින් මැයි 01, මැයි 06 සහ මැයි 08 යන දිනයන් සංශෝධනය කරමින් ඒ සඳහා මැයි 02, මැයි 07 සහ මැයි 09 යන දිනයන් ඇතුලත් කරමින් නව තරඟ කාලසටහන නිවේදනය කර තිබේ.

මෙම තරඟාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත අතර සියලුම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරඟ ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පළමු තරඟය අප්‍රේල් 27වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන බවද සඳහන් වේ.

තරඟ කරන සෑම කණ්ඩායමකටම තරඟ 4 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මැයි 11වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

සංශෝධිත නව තරග කාලසටහන පහතින් දක්වා ඇත.  

අමතර සේවා දින සහ OT දීමනා දිගටම දෙනවා - රජය නිවේදනය කරයි

අමතර සේවා දින සහ OT දීමනා දිගටම දෙනවා - රජය නිවේදනය කරයි

2025 අයවැය නිසා රජයේ විශ්‍රාමිකයන් කණස්සල්ලෙන්

2025 අයවැය නිසා රජයේ විශ්‍රාමිකයන් කණස්සල්ලෙන්

Gallery
ReeCha