අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹට

Report

Ritz Carlton ජාලයට අයත් අති සුඛෝපභෝගී නෞකාවක් මගින් 400ක් රැගෙන අද (14) කොළඹ වරායේ මගී නෞකා අංගනයට පැමිණ ඇත.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යම්කිසි අභියෝගයකට මුහුණ දී තිබුණු පසුබිමක මෙවැනි විශාල මගී නෞකාවක් මෙරටට පැමිණීම සංචාර කර්මාන්තයට මහත් පිටිවහලක් බවයි.

16 වෙනිදා සිට රටටම අවදානමක්

16 වෙනිදා සිට රටටම අවදානමක්

මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර දින දෙකක් පුරා මෙම නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම්ලා තිබෙන අතර හෙට දිනයේදී ගාල්ලට පැමිණීමට නියමිතය.

මෙහිදී නෞකාවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහක නිරත වූ අමාත්‍යවරයා නෞකාවේ නිරීක්ෂණයකට ද එක් වූ අතර එහිදී සමරු පලක හුවමාරු කිරීමක්ද සිදු කෙරිණි.  

මේ පැති වලට නායයෑම් අවදානමක්

මේ පැති වලට නායයෑම් අවදානමක්