මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයාට පහර දුන් අය අත්අඩංගුවට
කටුගස්තොට පොලිසිය පවසන පරිදි ආපදා තත්ත්වය හේතුවෙන් අවහිරව තිබූ කටුගස්තොට – හල්ඔළුව මාර්ගයේ වරාතැන්න ප්‍රදේශය යළි විවෘත කිරීම සඳහා පස් ඉවත් කරමින් සිටිය දී මාර්ග සංවර්ධන අධිකාරියේ 58 හැවිරිදි සේවකයෙකුට පහර දුන් 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පහර කෑමට ලක් වූ සේවකයා විසින් පොලිසියට පැමිණිල්ලක් දුන් පසු සැකකරු අත්අඩංගුවට ගන්නා ලදි.
පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ, සැකකරු පැදවූ ලොරි රථය වරාතැන්න ප්‍රදේශය පසුකර යාමට ගිය විට සේවකයා වාහනය නතර කර තැබීම හේතුවෙන් පහර දීම සිදු වූ බවයි.
සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. රාජපක්ෂගේ මෙහෙයවීමෙන් පරීක්ෂණය පවත්වාගෙන යමින් පවතී.