සිඩ්නි වෙඩිතැබීමේ මහ මොලකරුගේ තොරතුරු හෙළි වේ
By Mithu
සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ අද (14) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීම් මාලාව සම්බන්ධයෙන්, නිව් සවුත් වේල්ස් පොලීසිය තොරතුරු පවසා ඇත.
ඒ අනුව මෙම ප්‍රහාරවලට සම්බන්ධ එක් වෙඩික්කරුවෙක් සිඩ්නි නුවර නිරිතදිග ප්‍රදේශයේ පදිංචි නවීඩ් අක්‍රම් නම් පුද්ගලයෙකු බව මුලික විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම වෙඩි ප්‍රහාරය යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයක් ඉලක්ක කර එල්ල කර ඇත. මේ වනවිට වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 12 දක්වා ඉහළගොස් ඇත, තුවාල ලැබූවන් සංඛ්‍යාව 29ක් වෙයි.
මියගිය පුද්ගලයන් අතර එක් වෙඩික්කරුවෙක්ද සිට ඇත.
මෙම වෙඩිතැබීම් මාලාව සම්බන්ධ තවදුර විමර්ශන පොලිසිය සිදු කරමින් පවතිනවා.