මේ පැති වලට නායයෑම් අවදානමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට අද (14 ) පස්වරු 04.00 සිට හෙට (15) පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන බවයි. ඒ අනුව නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය, බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 7 සඳහා ඉදිරි පැය 24 කාලය තුළ තවදුරටත් දීර්ඝ කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කය ප්‍රදේශ කිහිපයකට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පනවා තිබූ රතු නිවේදනයද ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය සඳහන් වේ.

