තවත් මානුෂිය ආධාර තොගයත් කටුනායකට

Report

ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී–17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (14) පස්වරු 3.07ට ඉන්දියාවේ අග්‍රා නුවරින් පිටත්ව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා.

මෙම ගුවන් යානයෙන් මෙට්‍රික් ටොන් 25ක් පමණ බර වන ආපදා ආධාර තොගයක් රැගෙන ආ අතර, ඒ තුළ මෙරට සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් වූ බව සඳහන් වේ.

එම ආධාර තොගය ගොඩබෑමෙන් අනතුරුව, මහියංගනය ප්‍රදේශයේ ක්ෂේත්‍රගත රෝහලක් පවත්වාගෙන ගිය ඉන්දීය රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 85 දෙනෙකු සහ ඔවුන් භාවිතා කළ වෛද්‍ය උපකරණ ද එම ගුවන් යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම කාර්ය මණ්ඩලයට සමු දීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.

මෙම ඉන්දීය වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය විසින් අත්‍යාවශ්‍ය සැත්කම් ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් රෝගීන් 7,000කට අධික පිරිසකට සේවය සපයා ඇති බව සඳහන් වේ.

අනතුරුව එම සී–17 ගුවන් යානය පස්වරු 5.15ට කටුනායක ගුවන්තොටුපොළෙන් යළිත් ඉන්දියාවේ අග්‍රා නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. 


මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයාට පහර දුන් අය අත්අඩංගුවට

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයාට පහර දුන් අය අත්අඩංගුවට

අසෝක රන්වලට එරෙහි නඩුව ලබන 19 වන දා

අසෝක රන්වලට එරෙහි නඩුව ලබන 19 වන දා