දෙවියනේ නාය යෑමෙන් අතුරුදහන් වූ පුංචි නෙතුකිගේ නිසල සිරුර හමුවේ

Report

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරන්නාව,තැන්නවත්ත ප්‍රදේශයේ නොවැම්බර් 27 වන දින පස්වරුවේ නායමෙන් අතුරුදන්ව සිටි බෙරන්නාව මහා විදුහලේ දෙවන ශ්‍රේණියේ ඉගනුම ලැබූ (වයස අවුරුදු 7) නෙතුකි සහන්යා දැරියගේ සිරුර අද (14) දහවල් එම නායගිය ස්ථානයේ තිබී සොයා ගත් බව යටියන්තොට පොලීසිය පවසයි.

තැන්නවත්ත සිට පතනේගල මාර්ගය සුද්ධ කිරීමේ දී ඒ ආසන්නයේ බල්ලෙකු සිටු දැක ඒ පිලිබදව සොයා බැලීමේ දී පිරිසට මියගිය දැරියගේ දේහය කිතුල් ගසක අතු යට හමු වී තිබේ. දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා කරුවනැල්ල රෝහල වෙත ගෙන ගොස් තිබේ.

තවත් මානුෂිය ආධාර තොගයත් කටුනායකට

තවත් මානුෂිය ආධාර තොගයත් කටුනායකට

එම නාය යාමෙන් එම දැරියගේ මව පියා,බාල සහෝදරයෙකු හා ආච්චි යට වී ඇති අතර දැරියගේ මවගේ දේහය දින දෙකකට පසුව හමු වී තිබේ. දැරියගේ හා මවගේ දේහයන් හැර අනෙකුත් අයගේ දේහයන් මෙතෙක් හමු වී නොමැත.

මල්වතු ඔයට තල්ලු කර දැමූ දරුවන් දෙදෙනාගේ සිරුරු ආච්චිට සහ සීයට භාර දෙයි

මල්වතු ඔයට තල්ලු කර දැමූ දරුවන් දෙදෙනාගේ සිරුරු ආච්චිට සහ සීයට භාර දෙයි