ඔබේ පෙම්වතා ඔබ කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බව පෙන්වන ලක්‍ෂණ 5ක්
ඔබ ඔහුව සෑහෙන කාලයක සිට දැනගෙන සිටියත් ඔහු ඔබට ඇත්තටම කැමතිද? එසේත් නැත්නම් ඔබ කෙරෙහි හැඟීම් ඇත්දැයි ඔබට සැකයක් ඇති වුනු අවස්ථා තියෙන්න පුළුවන්. සෑම කාන්තාවක්ම පාහේ මේ හැඟීමට ජීවිතයේ එක වතාවකදීවත් මුහුණ දෙනවා. ඔබ එවැනි අවුල් සහගත අවස්ථාවක සිටී නම් මේ ලිපිය ඔබට ඉතාමත්ම වැදගත් වේවි.
1.ඔහු ඔබට ඉවසීමෙන් සවන් දෙනවා
බොහෝ අය තමන් ආදරය කරන කෙනාගේ ඉදිරියේ තමන් ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට කැමති නැහැ. නමුත් ඔහු ඔබ ගැන ගොඩක් සැලකිලිමත් වන කෙනෙක් නම් ඔහු අනිවාර්‍යයෙන්ම ඔබට ඉවසීමෙන් සවන් දෙනවා. ඔහු සෑම පුද්ගලයෙකුටම සවන් නොදුන්නත් ඔබ වෙනුවෙන් සියල්ලන්ටම ඇහුම්කන් දෙනවා.
2.ඔහු ඔබේ ගැන සිතා කටයුතු කරනවා
ඔහු ඔබේ ජීවිතයට ඇතුළු වන්නට කලින් ඔබට ඔහුගෙන් අවශ්‍ය කුමක්දැයි නොදන්නා බැවින් දෙදෙනාම ආත්මාර්ථකාමී ලෙස හැසිරිය හැකියි. ඒත් ඔබ දෙදෙනා පෙම්වතුන් වූ පසු එකිනෙකාගේ සතුටු වෙනුවෙන් කටයුතු කිරීමට උත්සහ කරනවා. ඇතැම් විට ඒවාට ඔහු අකමැති වුනත් ඔයාගේ සතුට ගැන සිතා ඒ දේවල් සිදු කරාවි.
3.ඔහු ඔබ සමඟ කාලය ගත කිරීමට උත්සාහ දරනවා
ඔහු කොතරම් කාර්‍යබහුල පුද්ගලයෙක් වුනත් ඔබ සමඟ කතා කිරීමට හෝ ඔබව හමුවීමට හෝ කාලය වෙන් කරනවා නම් එයින් කියවෙන්නේ ඔහු ඔබට ගොඩක් ආදරය කරන බවයි. එක දිගට කෝල් කරලා, මැසේජ් කරලා කතා කලේ නැතත් ඔබ දෙදෙනා හොඳ පෞද්ගලික කාලයක් ගත කිරීම සඳහා ඔහු ඔබව හමුවීමට උත්සාහ දරන්නේ නම් ඔබට ඔහුව විශ්වාස කරන්න පුළුවන්.
4.ඔහු ඔබ පිළිබඳ අවංකවම සතුටු වෙනවා
ඔහු සැබෑ පෙම්වතෙක් නම් ඔබ කොතරම් ප්‍රශ්න වල සිටියත් ඔහු ඔබ වෙනුවෙන් සිටිනවා. ඔහු ඔබේ ජයග්‍රහණය සැමරීම හෝ නරක කාලවලදී ඔබ සමඟ සිටීන්නේ ඔහුගේ හදවතට ඔබ සමීවප සිටින නිසයි. එම නිසා ඔබගේ හොඳ කාලය තුළ අවංකවම සතුටු වන්නත් ඔබේ දුකේදී සැමවිටම ඔහු ඔබ වෙනුවෙන් සිටින බවත් ඔබ දන්නවා නම් ඔහු අනිවාර්‍යයෙන්ම 5.ඔබට ගොඩක් කැමතියි.
5.ඔහු ඔබේ සතුටින් පිරි අනාගතය ගැන කතා කරනවා
ඔබ ගැන සැලකිලිමත් වනවා පමණක් නොව ඔහු ඔබේ අනාගතය ගැනත් කතා කරනවා. ඔබ මෙය සැමවිටම අපේක්‍ෂා නොකළත් යම් අවස්ථාවක දී ඔබ සාර්ථක අනාගතයක් ගැන කතා කරන විට ඔහු ධනාත්මක ප්‍රතිචාර දක්වන්නේ නම් ඔහු ඔබ ගැන සැලකිලිමත් වගේම ඔහුගේ ජීවිතයේ ඔබ සිටින බව පෙන්වයි.
