රාජ්‍ය සේවකයින් පිරිසකට වැටුප් ගෙවීමේ බරපතල අර්බුදයක්
විපක්ෂයේ බලය හිමි, අඩු ආදායම් ලබන පළාත් පාලන ආයතන ගණනාවක් සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස, රජය විසින් සේවක වැටුප් සඳහා සියයට විස්සක (20%) ප්‍රතිපූරණයක් ලබා නොදෙන බවට දැනුම් දීම සඳහන් වේ.
නගර සභාවල සේවය කරන රජයේ සේවකයන්ගේ වැටුපෙන් සියයට හැටක් (60%) රජය විසින් ලබා දෙන අතර, ඉතිරි සියයට හතළිස් (40%) අදාළ නගර සභාවේ ආදායමෙන් ගෙවිය යුතුය.
ප්‍රාදේශීය සභාවල රජයේ සේවකයන්ගේ වැටුපෙන් සියයට අසූවක් (80%) රජය මගින් ලබා දෙන නමුත්, ඉතිරි සියයට විස්ස (20%) එම සභාවේ ආදායමෙන් එකතු කර ගෙවිය යුතු බව සඳහන් වේ.
