ලංකාවේ ලස්සන බලන්න ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි

Report

ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවය.

මෙය පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 37,128ක් පැමිණ ඇති අතර එය 18.5% කි.

පාතාලය සම්බන්ධ දේශපාලනඥයන්ගේ යුගය අවසන් - රවී සෙනෙවිරත්න

පාතාලය සම්බන්ධ දේශපාලනඥයන්ගේ යුගය අවසන් - රවී සෙනෙවිරත්න

තවද, එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයින් 11,059ක් ද ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ජුලි 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,368,288කි.

ඒ අතරින් සංචාරකයින් 279,122ක් ඉන්දියාවෙන්, 131,377ක් රුසියාවෙන් සහ 115,470ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ඇමරිකානු ගිවිසුම් පිළිබඳව පැහැදිලිව කිරීමට රජයට එජාපයේ දැඩි බලකරුවාවක්

ඇමරිකානු ගිවිසුම් පිළිබඳව පැහැදිලිව කිරීමට රජයට එජාපයේ දැඩි බලකරුවාවක්

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය