පාතාලය සම්බන්ධ දේශපාලනඥයන්ගේ යුගය අවසන් - රවී සෙනෙවිරත්න

Report

රට මුහුණ දෙන ලොකුම අභියෝගය ලෙස සංවිධානාත්මක අපරාධ හඳුනාගෙන ඇති බවත්, පාතාල ක්‍රියාකාරකම්වලට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් වන දේශපාලනය සහ දූෂණය බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පවසයි.

පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ දේශපාලනඥයන් සිටින නමුත්, වර්තමානයේ ඔවුන්ට බලය නොමැති බැවින් පාතාලය සමඟ දේශපාලනික කටයුතු ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවද ලේකම්වරයා සඳහන් කළේය.

මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

අද වන විට රටේ පාලන තන්ත්‍රය මෙහෙයවන්නේ වෙනම කණ්ඩායමක් විසින් බවත්, පාතාල ක්‍රියාකාරකම් සමඟ දූෂණය බැඳී පවතින බවත්, එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ද සිටින බවත් රවී සෙනෙවිරත්න මහතා පෙන්වා දුන්නේය.

මාතරදී පැවති වැඩමුළුවකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා මේ බව අවධාරණය කළේය.

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය