විවාහ කරගන්නා බව පවසා 17 හැවිරිදි තරුණියක් දූශනය කරයි.. සිදු වූ දේ..

Crime Child harresment women harresment
By Sithumi Jan 15, 2022 10:48 AM GMT
Sithumi

Sithumi

Report

විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී 17 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන 21 හැවිරිදි තරුණයෙකු බියගම පොලිසිය විසින් පසුගිය 13 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා තමා සේවය කරන මල්වානේ, වල්ගම ප්‍රදේශයේ පුද්ගලික දුරකථන සේවා ආයතනයට එම තරුණිය ගෙනැවිත් ඇයට මේ අපරාධය සිදු කර ඇතැයි වාර්තාවේ. 

    මෙම තරුණයා සහ තරුණිය රාගම මහ රෝහලට ඇතුළත් කොට වෛද්‍ය පරීක්ෂණයකටද යොමු කර ඇත. තරුණිය නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි දමිළ තරුණියක් වන අතර තරුණයා මල්වානේ පදිංචි මුස්ලිම් තරුණයෙක් වේ. 

     ඔහුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බියගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now