රත්තරන් මල්ලක් නිසා කටුනායක කැළඹෙයි - කෝටි ගාණක රන් වළලු සහ මාල තොගයක් එක්ක කාන්තාවක් අත්අඩංගුවට
නීතිවිරෝධී ආකාරයට මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, හල්ගහදෙණිය පාරේ පදිංච් 38 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්.
ඇය ඊයේ (28) ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර කාන්තාව විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ තිබී ග්‍රෑම් 916 ක් බරැති වළලු සහ මාළ තොගයක් සොයා ගැනීමට නිලධාරීන් සමත් ව තිබුණා.
අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි
අඳාළ ආභරණ තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හැට හය ලක්ෂ විසි අට දහස් නවසිය තිස් හතක් වන බව වාර්තා වේ.
එසේම අත්අඩංගුවට ගත් කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බව සඳහන්.