දුරකථන 82ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Sri Lanka Police Sri Lanka Crime Branch Criminal Investigation Department
By Gagana News Feb 27, 2025 06:44 AM GMT
Gagana News

Gagana News

Report

පානදුර නිවසක තිබූ සොරකම් කළ බවට සැක ජංගම දුරකථන 82 ක් සමග නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ජනඋදාන ගම්මානයේ පදිංචි කාන්තාවක් බව පොලිසිය සදහන් කරයි.

අද අළුයම රාත්‍රි අමුත්තන්ගේ රාත්‍රිය නමින් සිදුකල විශේෂ මෙහෙයුමකදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක්ප්‍රිය ඇතුළු නිළධාරීන් සිදුකල සෝදිසි මෙහෙයුමක් අතර තුර නිවස පරීක්ෂා කිරීමේදී තැන තැන සගවා තිබූ විවිධ මාදිලියේ ජංගම දුරකථන 82 ක් සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

සැකකාර කාන්තාව පුත්‍රයා සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් , ඔහු වැටලීම සිදුකරන මොහොතේ නිවසේ සිට නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය සදහන් කරයි.

ReeCha