මෙහෙමත් ගෑණු - මත්කරල් 5,000ක් එක්ක කාන්තාවක් පොලිස් දැලේ
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් රුපියල් ලක්ෂ 05කට අධික මත්කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව මත්කරල් 5,000ක් සහ මත්කරල් විකිණීමෙන් උපයාගත් මුදල් වන රුපියල් 134,000ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසියට දෙහිවල ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචි කාන්තාවක් විසින් මත්කරල් අලෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුව තිබේ.
ලද තොරතුරු වලට අනුව පොලිසිය සිදුකළ මෙහෙයුමෙන් නිවසේ අල්මාරියක සඟවා තිබූ මෙම මත් කරල් තොගය පොලීසියි විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට පත් මෙම කාන්තාව මීට පෙරද හොරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.
තිස් එක් හැවිරිදි මෙම කාන්තාව දෙහිවල ප්‍රදේශයේම පදිංචිකාරියක් වන අතර මේ වන විට ඇය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සුදානම්ය.
මෙහි වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුවේ.