ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නඩු

CID - Sri Lanka Police Latest Headlines Kumara Jayakody Sinhala news NPP Government
By Ashfa Aug 17, 2025 05:52 AM GMT
Ashfa

Ashfa

Report

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිලි අනුවය.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

මෙම චෝදනාවේදී අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට විරුද්ධව රුපියල් මිලියන 8ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත අදාළ නඩුව මහාධිකරණයේ ගොනු කිරීමට සුදානම්ය.

ටෙන්ඩරයක ගෙවීම් ක්‍රියාපටිපාටිය සැකකටයුතු වීමත් සමඟ අදාළ ටෙන්ඩරය පිලිබදව පරීක්ෂණයක් ආරම්භ වූ අතර විමර්ශනයට ලක් වූ ටෙන්ඩරය අනුමත කර ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කල බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාය.

හෙට මුළු විපක්ෂයම එකතුවන විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්ම

හෙට මුළු විපක්ෂයම එකතුවන විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්ම

එමෙන්ම අල්ලස් කොමිසම විසින් මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ විමර්ශනද සැලකිල්ලට ගනිමින් නැවත පරීක්ෂණ ආරම්භ කර තිබේ. එමෙන්ම වත්මන් ආණ්ඩුවේ දූෂණ චෝදනා වලට මුහුණ දෙන පළමු අමාත්‍යවරයා කුමාර ජයකොඩි මහතා බව වාර්තා වේ.

පොහොර සංස්ථාවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්හිටුවනු ලැබූ පුද්ගලයෙකු ජාතික ජන බලවේගයේ (NPP) කැබිනට් මණ්ඩලයේ සේවය කරන බවට සමගි ජන බලවේගයේ (SJB) මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇත.

අනේ වී ටික වේල වේල හිටපු දෙන්නා හමුදා ට්‍රක් රථයට බිළි

අනේ වී ටික වේල වේල හිටපු දෙන්නා හමුදා ට්‍රක් රථයට බිළි

තවද පසුගිය රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව දූෂණ නඩු ගණනාවක් ගොනු කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ මෙම පියවර ගෙන ඇති බව සදහාන් වේ.