බියගමදී ඇල්ලු කාන්තාව(VIDEO)

ajith rohana heroine biyagama quarantine rules mankada
By Sewvandhi Jul 19, 2021 01:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report



හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 132ක් සමඟ කාන්තාවක් බියගම, මංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි කාන්තාවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ

දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින්, වරෙන්තුකරුවන් 645 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 14,927 දෙනෙක් එක්ව තිබෙනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha