ව්‍යාජ මුදල් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට...
Sri Lanka Police
Sri Lanka
Money
By Parami Dissanayake
ව්‍යාජ මුදල් නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ රුපියල් 5000 නෝට්ටු තොගයකි.
මෙම කාන්තාව වයස අවුරුදු 44 ක හේනේගම, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඊයේ රාත්‍රියේ දී දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ය.
කෙසේ වෙතත්, දෙමටගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.