ජනපති රනිල් අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත් කරයි...
අද (06) දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණය සඳහා විනිසුරුවරුන් පත්කර තිබෙනවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය ප්‍රකාරවයි.
ඒ අනුව, 2024 සැප්තැම්බර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම ක්‍රියාත්මක කර ඇත.
මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා යන විනිසුරුවරුන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව මහතා මෙලෙස ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා.