භාණ්ඩ බෙදාහැරීමේ දැවැන්තයෙකු වන DHL ගුවන් යානය දෙකඩවු හැටි මෙන්න...(VIDEO)(PHOTOS)

World news Gagana news Costa Rica DHL DHL airpline Juan Santamaria International Airport in San Jose
By Subodha Apr 09, 2022 11:24 AM GMT
Subodha

Subodha

Report

ලොවපුරා භාණ්ඩ බෙදාහැරීමේ දැවැන්තයෙකු වන DHL බෝයිං 757-200 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කොස්ටාරිකාවේ අගනුවර වන සැන් ජෝස් හි ජුවාන් සන්ටමරියා ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් අතරතුර ධාවන පථයෙන් ලිස්සා ගොස් දෙකට කැඩී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සිදුවී ඇත්තේ පෙරවරු 10:30ට පෙර (1630 GMT) සැන් ජෝස් නගරයෙන් පිටත ජුවාන් සැන්ටමාරියා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ බෝයිං-757 යානය යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමක් සඳහා මිනිත්තු 25 කට පසුව ආපසු පැමිණීමට සිදුවීමෙන් පසුවය.

ගුවන් තොටුපොළ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හෙක්ටර් චාවේස් පවසන පරිදි ගුවන් නියමුවා සහ පළමු නිලධාරියා පමණක් මෙම අනතුරින් සුළු තුවාල ලබා තිබුණත්, කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී තිබේ.

මෙම අනතුර හේතුවෙන් රටේ විශාලතම ගුවන් තොටුපළේ මෙහෙයුම් සවස 5:30 පමණ වනතුරු වසා දැමුණු අතර, ගුවන් ගමන් සිය ගණනකට සහ මගීන් 8,000කට අධික පිරිසකට බලපෑම් එල්ල විය.

එම අනතුරේ වීඩියෝව පහතින්

දර්ශන - CBS News



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now

GalleryGalleryGalleryGalleryGalleryGallery