චීනයේ යුද සැමරුමට උතුරු කොරියානු නායකයාත් එක්වෙයි
By Shehan
ලබන 03වැනිදා චීනයේ බෙයිජිං අගනුවර පැවැත්වීමට නියමිත දැවැන්ත උත්සවයට උතුරු කොරියානු නායක කිම් ජොං උන් ද එක්වීමට නියමිත බව චීනයේ සහකාර විදේශ අමාත්‍ය හොං ලෙයි පවසා තිබේ
මෙසේ සැමරෙන්නේ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයයි.
චීන ජනාධිපතිවරයා ගේ ආරාධනය මත ලොව රාජ්‍ය නායකයන් 26 දෙනෙකු මෙම අවස්ථාවට එක්වීමට නියමිතය. මෙම නායකයන් අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ද සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම අවස්ථාව සැමරීමට දැවැන්ත හමුදා පෙළපාලියක් බෙයිජිං අගනුවර ටියැන්අන්මන් චතුරස්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ මෙම හමුදා පෙළපාලිය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු පවසා තිබුණේ මෙම පෙළපාලියේදී ප්‍රදර්ශනය වන සියලු අවිආයුධ චීනයේ නිෂ්පාදිත ඒවා බවයි.