තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව 2025 සැප්තැම්බර් 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන විමර්ශන සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ පවත්වනු ලබන අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන කරුණු අනුව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.