මිරිහානේ ගණිකා නිවසක් වටලයි - පස් දෙනෙකු අත්අඩංගුවට
Sri Lanka Police
Law and Order
Latest Headlines
Sinhala news
gagana news
By Shehan
මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ ස්ටැන්ලි තිලකරත්න මාවත අසල ඇඹුල්දෙණිය ප්‍රදේශයේ ස්පා ආයතනයක් යටින් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වූ කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු ඊයේ (27) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මහජනතාවගෙන් ලැබුණු තොරතුරක් ඇතුළත්ව මිරිහාන අපරාධ විමර්ශන ඒකකය මඟින් මෙම වැටළීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා වයස අවුරුදු 40 ත් 50 ත් අතර වන අතර, ඔවුන් රාගම, අගුණකොළපැලැස්ස සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය හඳුනාගෙන ඇත.
ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 21 ත් 40 ත් අතර තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙයියන්දර සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ. මිරිහාන පොලිසිය මඟින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.