රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩ වර්ජනයක්
රත්නපුර ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.
එහි සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසුරිය මහතා සඳහන් කළේ, මෙම සංකේත වැඩවර්ජනය අද (28) පෙරවරු 8:00 සිට පැය 24ක කාලයක් සඳහා ක්‍රියාත්මක කරන බවයි.