ජනපති අනුර සෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේ සෙම්මානි සමූහ මිනීවළ නැරඹීමට ඉඩ ඇති බව අමාත්‍ය චන්ද්‍රසේකර් පවසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 1 වැනිදා යාපනයේ සිදුකරන සංචාරයේදී සෙම්මනි සමූහ මිනීවළ නැරඹීමට ඉඩ ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කර ඇත.
අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඊයේ(27) යාපනයේ පැවති උත්සවයකදී මාධ්‍ය හමුවේ මෙම තොරතුරු බෙදාහදා ගත්තේය.