පාන්දරින්ම සිදුවූ බිහිසුණු ගැටුම... සහෝදරයන්ට මරු කැඳවයි...
කොළඹ ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ අද අලුයම (15) තියුණු ආයුධවලින් පහර දීමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එම ගැටුමකින් සහෝදරයන් දෙදෙනෙක් මිය ගොස් ඇති බවයි අප කල විමසුමකදී ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවසුවේ.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා මිය ගිය බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.
මිය ගිය දෙදෙනා වයස අවුරුදු 23 සහ 24ක් වන එකම පවුලේ සහෝදර සහෝදරියන් වන බවත් පොලිසිය තවදුරටත් කියා සිටියා.
මෙම ඝාතන සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිද්ධිය පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.