මන්ත්‍රී ආරක්ෂකයෙකු ඇතුළු තිදෙනෙක් හදිසියේම අත්අඩංගුවට ගත් හේතුව

Sri Lanka Sri Lanka Police Investigation Samagi Jana Balawegaya
By Sewvandhi Sep 30, 2023 02:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සජබයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී W.H.M. ධර්මසේනගේ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු 3 දෙනෙකු ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන 41 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි, පොලීසිය සදහන් කළේ.

පොලීසිය කියා සිටියේ, මොවුන් ත්‍රිරෝද රථයකින් මාලිගාවිල ප්‍රදේශයේ සිට ඔක්කම්පිටිය ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී ගංජා ග්‍රෑම් 810 ක් සමග අත්අඩංගුවට ගත් බවයි.

අනෙක් සැකකරුවන් 31 සහ 39 හැවිරිදි වියේ පසුවන බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් අද (30) වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.  

මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි..

මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි..

ReeCha