මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි..
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ, වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු භට නිවාසයක් තුළදී මියගොස් සිටියදී සොයාගත් බවයි.
පොලීසිය පවසන්නේ, අද (30) අලුයම එම පොලිස් සැරයන්වරයා මියගොස් ඇති බවයි. එසේ මියගොස් ඇත්තේ, 52 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරට සදහන් කළේ,
"වැලිකන්ද පොලිස් ස්ථානයේ බැරැක්කයක් තුළ එහි සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකු අද අලුයම් කාලයේදී මිය ගිහිල්ලා තියෙනවා. මෙම මියයෑම යම්කිසි හදිසි අනතුරක් නිසා සිදුවුණ දෙයක්කද නැත්නම් සියදිවි නසාගැනීමක්ද එසේත් නැත්නම් වෙනයම් ආකාරය මනුෂ්‍ය ඝාතනයක්ද කියන කාරණය පැහැදිලි නැහැ. කොට්ඨාස අපරාධ පරීක්ෂණ ස්ථාන නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කරලා තියෙනවා."
"මේ වනවිට හරියට නිඟමනයකට එන්නට බැහැ. ඒ වගේම කිසිම තොරතුරක් අනාවරණය වෙලා නැහැ. මේ පොලිස් සැරයන්වරයා මිය ගියේ කුමන හේතුවකින්ද කියන කාරණය. ඔහු වයස අවුරුදු 52ක පුද්ගලයෙක්. එරාවුර් ප්‍රදේශයේ පදිංචි විවාහාක නිලධාරියෙක්."
