මගේ පොඩි දුර්වලතාවයක් තියෙනව ඇය ඒ දේ බලාපොරොත්තු වෙන්නෙත් නැහැ හිත හදාගෙන ඉන්නේ - විශ්ව ලන්කා (PHOTOS))

sri lanka gossip Wishwa lanka
By Sithumi Nov 29, 2021 05:55 PM GMT
Sithumi

Sithumi

Report

මගේ පොඩි දුර්වලතාවයක් තියෙනව ඇය ඒ දේ බලාපොරොත්තු වෙන්නෙත් නැහැ හිත හදාගෙන ඉන්නේ විශ්ව ලංකා කියලා කියන්නේ ලංකාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම නිවේදන ශිල්පියෙක් වනවා.ඔහු සිනමා පට කීපයක මෙන්ම ටෙලි නාට්‍ය කීපයක ද රංගනයෙන් දායක වී තිබෙන අතර මේ දිනවල දී ඔහුව වැඩි වශයෙන්ම අපට දැකගන්නට පුළුවන් වන්නේ නිවේදන ක්ෂේත්‍රයේ ඔස්සේයි.

දෙරන ඩ්‍රීම් ස්ටාර් රියලිටි වේදිකාව තුළදී මේ දවස්වල ඔහු සිය නිවේදන කටයුතු සිදුකරනු ලබනවා.ඉතින් අද අපි ඔහු පිළිබඳව කතා කරන්න සිතුවා.එයට විශේෂම කාරණය වන්නේ මේ මාසේ තිස් වැනිදාට ඔහුගේ ජන්ම දිනය යෙදී තිබීමයි.ඉතින් ඔහු ඔහුගේ නවතම තොරතුරු රසිකයා සමඟ බෙදා ගත්තේ මේ අයුරින්. 

“ඇත්තටම නොවැම්බර් මාසය මට සුවිශේෂී මාසයක්.මම උපත ලබන්න 1985 වසරේ නොවැම්බර් 30 වන දින කුලියාපිටිය මුලික රෝහලේ.පවුලේ වැඩිමල් දරුවා විදිහට තමයි මං ඉපදෙන්නේ.ඇත්තටම අවුරුද්දෙන් අවුරුද්ද වයසට යද්දී ටිකක් දුක හිතෙනවා.මොකද අපි දැන් ටික ටික මැරෙන්න කිට්ටු වෙලා කියන එකනෙ උපන්දිනයකින් කියන්නේ.මම ඒ දවස මහ ඉහළින් සමරන කෙනෙක් නෙමෙයි.මගේ පවුලේ අයත් එක්ක ඒ දවසට කේක් එකක් කපල පුංචි සැමරීමක් කරනවා.ඊට අමතරව ඒ දවසට අනිවාර්යෙන්ම සමාජ සේවා වැඩ කටයුතු කීපයක් කරනවා.

වැඩිහිටි නිවාසෙකට හෝ ළමා නිවාස නිවාසයකට දානයක් ලබාදීම,නැති බැරි මිනිස්සුන්ට වියලි සහන මලු ලබාදීම වගේ දේවල් මම අනිවාර්යෙන්ම කරන දෙයක්. ඇත්තටම මගේ පුංචි කාලේ හරිම දුෂ්කර අවධියක් ගත කළේ.මම බඩේ ඉන්නකොට අම්මටයි අප්පච්චිටයි ඉන්න තැනක්වත් තිබිලා නැහැ.පන්නල ප්‍රදේශයේ කුලී ගෙදරක තමයි ජීවත් වෙලා තියෙන්නේ.ඒ කාලේ නැති බැරි අයට රජයෙන් අක්කර භාගයක ඉඩමක් දීලා තිබෙනවා.

ඒ ලැබුණු ඉඩමෙ පොල් අතු වලින් පැලක් හදාගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ.හයියෙන් වහින දවසට අම්මයි අප්පච්චියි නිදා ගන්නේ නැහැලු.මොකද ගේ යටින් වතුර යන නිසා එළි වෙනකම්ම මාව වඩාගෙන ඇහැරලා ඉන්නවලු.ඉතින් ඒ වගේ ජීවිතයක් ගත කරපු මට උපන්දින සැමරීමක් කියන දේ හිතන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දවස්වල ලෙවල් කරනකොට යාලුවෝ එක්ක පොඩි පොඩි party දාලා විනෝද වෙලා තියෙනවා.

නමුත් කවදාවත් මම මත්පැන් පාවිච්චි කරලා නැහැ.අදටත් මම ප්‍රතිපත්තියක් විදිහට මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ.මායි මගේ බිරිඳයි පෙම්වතුන්ව සිටි කාලයේදී ඇයගෙන් මට ඔරලෝසු ඇඳුම් පැළඳුම් ජංගම දුරකථන වගේ දේවල් ලැබිලා තියෙනවා.නමුත් මගේ පොඩි දුර්වලතාවයක් තියෙනව.මට තෑගි දුන්නට මම තෑගි දෙන්නෙ නෑ.ඒක වරදවා වටහාගන්න එපා.ඇය ඒ දේ බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඇත්තටම.

සමහරවිට දැන් හිත හදාගෙන ඉන්නවද දන්නෙ නැහැ මම මට මොනවත් දෙන්නේ නැහැ කියලා.” යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

GalleryGalleryGalleryGalleryGallery