විශ්මා සඳමාලි මියගිය හේතුව කී පසු ජපානයත් සලිත වූ සිදුවීම

Sri Lanka Japan
By Sithumi May 20, 2023 04:31 PM GMT
Sithumi

Sithumi

Report

ජපාන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවෙන් ඉවත් කර තිබෙනවා.

, ජපාන ඉහළ මන්ත්‍රී මණ්ඩල පූර්ණ සැසිවාරයක් අමතමින් මිසුහෝ උමේයිමුරා නම් මන්ත්‍රීවරිය 2021දී නගෝයා ආගමන කාර්යාංශ ගොඩනැගිල්ලකදී සඳමාලි මියගිය ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.

2017දී ශිෂ්‍ය වීසා යටතේ ජපානයට යන විශ්මා සඳමාලි වීසා නීති උල්ලංඝනය කිරීම යටතේ 2020දී අත්අඩංගුවට ගෙන තිබුණු ජපානයේ නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ මාස ගණනාවක් රඳවා සිටින ඇය 2020 මාර්තු 06 වනදා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණා.

එම සිද්ධියත් සමග සංක්‍රමණික නීති සංශෝධනය විය යුතු බවට මතයක් ද ජපානය තුළ සමාජගත වී තිබෙනවා. විශ්මා සඳමාලි මියගොස් ඇත්තේ, කිසියම් කෙනෙකුගේ කීමක් මත ආහාර වර්ජනය කිරීමෙන් බවයි පසුගිය 16 වනදා ජපානයේ විපක්ෂ මන්ත්‍රීවරියක් වන මිසුහෝ උමේයිමුරා සංක්‍රමණ පාලන සහ සරණාගතයින් පිළිගැනීමේ සංශෝධන පනත් කෙටුම්පතක් පිළිබඳ කමිටු සාකච්ඡාවකදී පවසන්නේ. නිපෝන් ඉෂින් පක්ෂයේ මිසුහෝ උමේයිමුරා,

"ඇය ආහාර වර්ජනයක් නිසා මිය යන්න පුළුවන්, ආහාර වර්ජනයක් සහ ඇයගෙන් පෙන්නුම් කළ තත්ත්වය වෙනසක් වගේම සම්බන්ධතාවයක් පවතිනවා. ඒ දේ හරියටම දැනගන්න පුළුවන් ඊට මුහුණදුන් පුද්ගලයාගෙන්ම තමා..

නමුත් දැන් ඇය මියගොස් තිබෙනවා." මන්ත්‍රීවරියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ ඇය නියෝජනය කරන නිපෝන් ඉෂින් පක්ෂයේ මහලේකම් ෆුමිටකේ ෆුජිටා මහතා පැවසුවේ.

මෙම ප්‍රකාශය මත පදනම්ව ඇය ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඉදිරියේදී විනය පියවර ගන්නා බවයි එමෙන්ම ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්මාගේ පවුලේ ඥාතින් සහ සියලුදෙනාගෙන් සමාව ඉල්ලන බව ද නිපෝන් ඉෂින් පක්ෂයේ මහ ලේකම්වරයා පවසනවා.