ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

Report

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායවල් සහ ගුවන්තොටුපොළවල් ඔවුන්ගේ මිලිටරි කටයුතු සඳහා භාවිත කළ හැකි මට්ටමට වැඩිදියුණු කර, ඒවා යුද කඳවුරු බවට පත් කරගැනීමේ උත්සාහයක නිරත වන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඇමරිකානු ප්‍රහාරක ගුවන්යානා සහ යුද නාවික යාත්‍රා මෙරටට ගෙන ඒමට හැකි වන පරිදි මෙම ස්ථාන වැඩිදියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත්, ඒ සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු බලධාරීන් සමඟ පසුගිය දිනවල සාකච්ඡා පවත්වා ඇති බවත්ය.

තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ

තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ

විමල් වීරවංශ මහතා රජයට චෝදනා කරමින් පවසා සිටියේ මීට පෙර රුසියාව විසින් මෙරටට ලබාදීමට යෝජනා කළ කුඩා පරිමාණයේ න්‍යෂ්ටික බලාගාර වැනි ව්‍යාපෘති සහ සහනදායී යෝජනා ඇමරිකාව අමනාප වෙයි යන බියෙන් රජය විසින් දිගින් දිගටම නොසලකා හැරිය බවයි.

මෙවැනි ක්‍රියා හේතුවෙන් ලෝකයේ මිත්‍ර රටවල් සමඟ පැවති යහපත් සබඳතා බිඳ වැටී ඇති බවත්, අද වන විට රජය රුසියාව හමුවේ තෙල් සහ සහන ඉල්ලා වැඳ වැටෙන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු පවසයි.

මේ අයටත් තෙල් ලීටර් 15 මදිලු - රජයෙන් විශේෂ අවදානයක්

මේ අයටත් තෙල් ලීටර් 15 මදිලු - රජයෙන් විශේෂ අවදානයක්

ලෝක දේශපාලන හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඩොලරයට ඇති ආධිපත්‍යය බිඳ වැටෙමින් පවතින බවත්, රුසියාව වැනි රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී රූබල් හෝ යුවාන් භාවිතා කිරීමට සිදුවන බවත් ඔහු පවසයි.

එහෙත් මෙරට මහා බැංකු අධිපතිවරයා ඇතුළු පාලකයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩ බවට පත්ව සිටින නිසා මෙම වෙනස්කම් තේරුම් ගැනීමට අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කරයි.

ඩොලර් මතම යැපෙමින් පවත්වාගෙන යන මෙම අදූරදර්ශී ආර්ථික පිළිවෙත නිසා සහ සංචිත යුවාන් වැනි විකල්ප මුදල් ඒකකවලින් පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසා, අවසානයේ එහි බැටකෑමට සිදුවන්නේ මෙරට අහිංසක පොදු ජනතාවට බවද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඇමෙරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් - මෙතෙක් සිදු වූ දරුණුම ප්‍රහාරය මෙයයි

ඇමෙරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් - මෙතෙක් සිදු වූ දරුණුම ප්‍රහාරය මෙයයි