ඉදිරියට පැය 24ර පැය 25ක් වෙයි? මෙන්න හේතුව
සඳ ක්‍රම ක්‍රමයෙන් මිහිතලයෙන් ඈතට ගමන් කරමින් සිටින බව මේ පිළිබඳ සමීක්ෂණයක යෙදෙන අමෙරිකාවේ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා හා තාරකා විද්‍යාඥ ආචාර්ය ස්ටීවන් ඩිකර්බි අනාවරණය කරයි.
ඔහු පවසන්නේ සෑම වසරකම සෙන්ටිමීටර් 3.8ක් (අඟල් 1.5ක්) බැගින් සඳ පෘථිවියෙන් ඈතට ගමන් කරන බවයි.
සඳ යනු පෘථිවියේ විශ්වසනීයම ආකාශ වස්තුවක්. සඳ පෘථිවිය සමඟ සිටින්නේ වසර බිලියන 4.5ක පමණ සිට බවටයි සැළකේ .
එහි ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ භ්‍රමණය ද ක්‍රමයෙන් වේගය අඩුවන බවටයි ඔහු පෙන්වා දී ඇත්තේ. එහි තේරුම වන්නේ ‘දවස’ තවත් දිගු වනු ඇති බව යැයිද ඩිකර්බි පවසා තිබෙනවා'
මෙම අනාවරණයෙන් හෙළිවන තවත් කාරණයක් වන්‍නේ මීට වසර මිලියන 70කට පමණ පෙර, එනම් ඩයිනොසෝර්ලාගේ පෘථිවියේ දිනක කාලය පැය 23.5ක් වූ බව යැයි ද ඔහු සඳහන් කරනවා.
“දුක්වෙන්න එපා මෙහි බලපෑම ඉතාම සෙමෙන් සිදුවන්නේ. එසේවුවත් අපිට වඩදිය බාදිය, සූර්ග්‍රහණ හැමදාමත් තියේවි” විද්‍යාඥවරයා පවසා තිබෙනවා.