මෙරට කොවිඩ් යළි හිස ඔසවන හැඩයි.

COVID-19 Sri Lanka
By Wayomi Nov 21, 2022 04:56 AM GMT
Wayomi

Wayomi

Report

මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව අඩු වුවද, සුළු වශයෙන් දෛනිකව තවමත් කොවිඩ් ආසාදිතයින් වාර්තාවෙමින් පවතින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඒ අනුව ඊයේ (20) දිනයේ දි මෙරටින් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,793ක්.

මෙලෙස ඊයේ දිනයේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60 ඉක්මවු කාන්තාවක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර කාන්තාවක්.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW