ආයේ ඉතින් මෙහෙම හොර කරනවා බොරු, හොයන්න වෙනම පොලිස් විමර්ශන අංශයක්
අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියට නව විමර්ශන අංශයක් ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මේ බව සඳහන් කළේ අද (23) දින පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවට සහභාගී වෙමින්.
එසේම මෙම විමර්ශන අංශය ආරම්භ කෙරෙන්නේ පාර්ලිමෙන්තුවේ සම්මත කෙරුණු අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනතට අනුව බව වාර්තා වේ. ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම නව විමර්ශන අංශය PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ඨාසය ලෙස නම් කරන බවයි.
එමෙන්ම මෙම නව විමර්ශන අංශය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනයට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව කර ඇත.
විශේෂ මෙහෙයුම්වලින් දැනටමත් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපළ බිලියන 4.5ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව ඒ මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළා.
ගොඩනැගිලි, නිවාස, වාහන, ඉඩම්, ස්වර්ණාභරණ, බෝට්ටු සහ මුදල්වලින් රුපියල් මිලියන 57ක්ද ඒ අතර වන බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කර ඇත.