රනිල් වෙනුවෙන් පෙරට එන හිටපු ජනපතිවරු - ලොකු බලයක් එක්වෙයි

Report

රක්ෂිත බන්ධනාගාර ගත වී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හිටපු ජනාධිපතිවරුන් එකතු වී හෙට විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්වීමට සුදානම් බව වාර්තා වේ.

රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ

රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ

මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක්ම සහභාගි වීමට ඇත. වැඩිදුරටත් වාර්තා වෙන්නේ අද කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත්වී ඇති අතර මෙහිදී සාකච්ඡා කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමු ලෙසයි.

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

මෙයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දයාසිරි ජයසේකර, තලතා අතුකෝරල, රුවන් විජේවර්ධන, මනෝ ගනේෂන් ,පී .දිගම්බරම්, රිෂාඩ් බදුයිදීන්, රවුෆ් හකීම්,අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන ,සාගල රත්නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් සහභාගි වී තිබෙනවා.

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

කොහොමද ඒක, රනිල්ට හිරබත් කන්න බෑලු ගෙදරින් කෑම ඕනෙලු

එමෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ,හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද මේ සඳහා සහාය දීමට සුදානම් වේ. හෙට පැවැත්වෙන මාධ්‍ය හමුවට ඔවුන් සහභාගී නොවුණද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින බව එම හිටපු ජනාධිපතිවරුන් දන්වා ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ විදේශගතව සිටින අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාදයේ ආබාධයක් හේතුවෙන් නොපැමිණෙන බව දන්වා ඵවා ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් වාර්තා වේ.