උතුරු කොරියාව මිසයිල ප්‍රහාරක අත්හදා බැලීමක්? දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි
By Ashfa
දකුණු කොරියාව පවසන්නේ උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශය දෙසට හඳුනා නොගත් ප්රක්ෂේපණයක් දියත් කර ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (04) මේ බව නිවේදනය කර ඇති අතර, එය උතුරු කොරියාව විසින් සිදුකරන ලද නවතම මිසයිල අත්හදා බැලීමක් විය හැකි බවයි.
ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්
මෙම ප්රක්ෂේපණය කුමන වර්ගයකට අයත්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, පසුගිය මාසයක කාලය තුළ උතුරු කොරියාව සිදුකළ සිව්වැනි මිසයිල අත්හදා බැලීම මෙය විය හැකි බව සඳහන් වේ.
උතුරු කොරියාව මෙම වසර තුළ අවස්ථා කිහිපයකදී මිසයිල අත්හදා බැලීම් සිදුකර ඇති අතර, කිලෝමීටර් 900කට වැඩි දුරක් ගමන් කළ මිසයිලයක් මෙන්ම අධිධ්වනි මිසයිල ද ඒ අතර වේ.