උඩරට දුම්රිය මාර්ගයට දැවැන්ත පස් කන්දක් සහ ගල් පෙරළෙයි- දුම්රිය ධාවනයට බාධා
By Kanchana
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ සහ හීල්ඔය අතර, 162/54 සැතපුම් කණුව අසළට අද (04) අලුයම විශාල පස් කන්දක් සහ ගල් පෙරළීමෙන් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
දුම්රිය මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීමට පැය හයක පමණ කාලයක් ගතවනු ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු සඳහන් කර තිබේ .
ඒ අනුව, නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය අද බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කර ඇත
ඒ වගේම බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය වන සියලු දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කරන තෙක් අද (04) දිනයේ ධාවනය නොකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.